කංගනා හොඳම නිළියට නිර්දේශ වෙයි.?

රටවල් 54ක් තුළ සිනමා ශාලා 3700ක තිරගත වුණ ‘මණිකර්ණිකා – ද ක්වීන් ඔෆ් ජැන්සි’ චිත්‍රපටය මේ වසරේ තිරගත වූ සාර්ථකම බොලිවුඩ් චිත්‍රපටයයි.

කංගනා රනවුත් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කළ අතර, ඇය එහි කළ රංගනය බොහෝ පිරිසකගේ කතාබහටද ලක්ව තිබෙනවා.

කංගනා රඟපෑ ‘ලක්ෂ්මි භායි’ චරිතය ලබන වසරේ පැවැත්වෙන සිනමා සම්මාන උළෙලයන්හි හොඳම නිළියට නිර්දේශ වීමට වැඩි ඉඩකඩක් පවතින බව සිනමා විචාරකයන් පවසනවා. එමෙන්ම ‘මණිකර්ණිකා – ද ක්වීන් ඔෆ් ජැන්සි’ චිත්‍රපටයද සම්මාන කිහිපයක් දිනා ගැනීමට අවස්ථාවක් ඇති බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.