මිනිස් ඇට කටු තොගයක් මාදම්පේ කලපුවකින් හමුවෙයි.

0
227

මාදම්පේ මරම්බැට්ටේ ප්‍රදේශයේ කලපුව අසල තිබී පෝර උරයක දමා තිබූ මිනිස් ඇට කටු තොගයක් අද (15) සොයා ගත් බව මාදම්පේ පොලිසිය පවසනවා.

කිසියම් සැකකටයුතු පෝර උරයක් කලපුව අසල කසළ ගොඩක ඇති බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බැලූවිට මෙම පෝර උරය සමඟ ඇට කටු හමුවූ බවයි වාර්තා වන්නේ.

මෙම පෝර උරය කිසිවකු විසින් මෙම ස්ථානයට ගෙනැවිත් දැමූ බවට පොලිසිය සැක පළ කරනවා.

වෛද්‍ය සිසුවෙකු සිය අධ්‍යයන කටයුතු පිණිස භාවිත කිරීමට මෙම මිනිස් ඇට කටු යොදා ගැනීමට ඇති බවට සැකයක් ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.