භාරත් ගේ ශාපය බොලිවුඩයට බලපෑ හැටි.

සල්මාන් ඛාන් හා කත්‍රිනා කයිෆ් රංගනයෙන් අලුත්ම චිත්‍රපටය තමයි ‘භාරත්’. නමුත් එම චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කළ දා පටන් එය අසාර්ථක වෙන්න පටන් අරන් කියලයි ආරංචි.

එමෙන්ම එහි අසාර්ථකත්වය හේතුවෙන් හොලිවුඩයේ ප්‍රදර්ශනය ආරම්භ කළ ‘ගොඩ්සිලා’ හා ‘එක්ස් මෙන්’ අලුත්ම චිත්‍රපට මේ වනවිට ඉන්දියාවේ අසාර්ථක වෙමින් පවතින බව වාර්තා වෙනවා.

මේ වනවිට ‘භාරත්’ චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ වී දින කිහිපයක් ගත වුවද තවමත් සිය වියදම් මුදල හෝ සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.

කෙසේ නමුත් මැයි 24 වැනිදා ප්‍රදර්ශනය වූ ‘ඇලඩින්’ හොලිවුඩ් චිත්‍රපටය ඉන්දියාවේ අති සාර්ථකත්වයට පත්වුණා. එය තවමත් ප්‍රදර්ශනය වෙමින් පවතින අතර, පසුගිය සති අන්තය වන විට ඉන්දිය රුපියල් කෝටි 50ක ආදායමක් උපයාගන්නට සමත්ව තිබෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න