> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# රේගුවට ඉතිහාසගත ආදායමක්
- URL: https://www.citizen.lk/historic-revenue-for-customs/
- Published: 2025-12-29T05:46:33.000Z
- Updated: 2025-12-29T05:46:33.000Z
- Author: Dhanu Kulathunga
- Tags: පුවත්

වසරේ ගතවූ කාලය තුළ රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරනවා.

2025 වසර සඳහා මුදල් අමාත්‍යංශය මගින් රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2115ක් වන බවත්, නොවැම්බර් මාසය වනවිට එම ආදායම ඉක්මවා යෑමට හැකි වූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා සඳහන් කර සිටිනවා.

නොවැම්බර් මාසය වනවිට මෙම ආදායම රුපියල් බිලියන 2115 සිට රුපියල් බිලියන 2231ක් දක්වා සංශෝධන කරනු ලැබූ බවද එහිදී ඔහු සඳහන් කර සිටියා.

එම සංශෝධිත ඉලක්කයද මේ වනවිට ඉක්මවා ගොස් ඇති බවත්, රේගුව තුළ ගෙන තිබු විවිධ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ඉහළ ආදායම උපයා ගැනීමට හැකිවු බවත් ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියා.