තරුණයෙකු පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ හිරුණිකාගේ නඩුවට දින දෙයි

0
241

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නඩුව මාර්තු මස 12 සහ 13 වැනි දිනවල විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (11) නියෝග කර තිබෙනවා.

දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින ඇය මීට පෙර අත්අඩංගුවට ගෙන එදිනම ඇප ත නිදහස් කරනු ලැබුවා.

නඩුවේ දෙවැනි සාක්ෂිකරුගේ සිට හත් වන සාක්ෂිකරු දක්වා සාක්ෂිකරුවන් මීළඟ දින අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කිරීමට මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් නියෝග කර තිබෙන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවලට අනෙකුත් විත්තිකරුවන් හත් දෙනෙකු වරද පිළිගැනීමෙන් පසු ඔවුන්ට අත්හිටවූ සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here