අපද්‍රව්‍ය කන්ටේනර් පිළිබඳ චෝදනා HFZ ආයතනය ප්‍රතික්ෂේප කරයි.

අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර් තොගය පිළිබඳ පසුගිය දිනවල මාධ්‍ය මඟින් තොරතුරු පල වු අතර කොළඹ වරායේ රඳවා තිබෙන අදාළ කන්ටේනරය සමඟ තම සමාගමේ කිසිදු සම්බන්ධතාවක් නැති බව Hayleys Free Zone Limited (HFZ) ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

HFZ ආයතනය ගෝලීයව අනෙකුත් වෙළඳ කලාප තුළ සිදු කෙරෙන පරිදි ප්‍රති-අපනයනය සඳහා අගය එකතු කළ සේවා සැපයීමේ විශේෂ අරමුණ පෙරදැරිව ආනයනකරුවන්ට හා අපනයනකරුවන්ට ප්‍රවර්ධන සේවා සැළසීම සඳහා ස්ථාපනය කළ නීත්‍යානුකූල ආයතනයක් බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

වැඩිදුරටත් අදාළ මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් වී තිබුණා.

“මේ වන විට කොළඹ වරායේ රඳවා තිබෙන අපද්‍රව්‍ය කන්ටේනර් සමඟ කුමන හෝ ආකාරයක සම්බන්ධයක් HFZ හට නොමැත. HFZ යනු ඉහත කන්ටේනර් ආනයනකරු, ප්‍රේෂණ ලාභියා හෝ ප්‍රවර්ධන සේවා සපයන්නා ද නොවේ.

HFZ ආනයනකරු නොවන නැව් භාණ්ඩ තොගයක් සම්බන්ධයෙන් මීට ඉහත ද අසත්‍ය කරුණු පල විය.එම නැව් බඩු තොගය ආනයනකරු විසින් HFZ වෙත යොමු කරනු ලද්දේ පිරිසැකසීම හා ප්‍රති-අපනයනය සඳහාය.

මෙම නැව් භාණ්ඩවලින් කොටසක් මේ වන විටත් පිරිසැකසුම් කොට ප්‍රතිඅපනයනය කොට අවසන්ය.

ඉතිරියද පිරිසැකසීම අවසන් වු පසු ප්‍රති අපනයනය කෙරේ.

නොයෙක් මාධ්‍ය වාර්තාවලින් චෝදනා කරන පරිදි HFZ වෙත කන්ටේනර් (බහාලුම්) තුළ කැළි කසළ හෝ වෙනත් අපද්‍රව්‍ය අන්තර්ගත නොවේ.

තමන් ආනයනයකරුවෙක් හෝ අපනයනකරුවෙක් නොවන බවට HFZ පැහැදිලිවම ප්‍රකාශ කර සිටී.

එහෙයින් HFZ විසින් මෙම භාණ්ඩ ආනයනය කර ඇති බවට සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත හා සහමුළින්ම සාවද්‍ය වේ.

මේ සම්බන්ධයෙන් සමාගමට එල්ල කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අතර පදනම් විරහිත දෝෂාරෝපණයෙන් නොමඟ නොයන ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටි”

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න