පාසිකුඩා හෝටලයේ හිටපු සෞදී ජාතිකයින් 05 දෙනා හමුවීමට ගිය හිස්බුල්ලා ගැන සැකයක්.

වීසා නොමැතිව මෙරට රැදී සිටින බව කියන අරාබි ජාතිකයින් පස් දෙනෙකු හමුවීම සඳහා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ලවු දිනට පසුදා “අපේ‍්‍රල් මස 22 වැනිදා” පාසිකුඩා ප‍්‍රදේශයේ හෝටලයකට නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා පිටත්වීම සහ ඔවුන් සමඟ පැවැත්වූ සම්බන්ධය කුමක්ද යන්න සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මතුවන බව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දි තිබෙනවා.

එම සිදුවිම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙන්නේ .

පුනානි හි ඉදිකරනු ලබන “බැටිකලෝ කැම්පස්” නම් මෙම විශ්ව විද්‍යාලය ඉදිකිරීම සඳහා අරාබි ජාතිකයින් පස් දෙනෙකු ඇමරිකානු ඩොලර් දෙකෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදලක් ලබාදී තිබීම ද සැක සහිත බවයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න