ඉදිරි ජනාධිපතිවරණයට හිස්බුල්ලාගෙන් අපේක්ෂකයෙක්.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඊයේ (22) සඳහන් කර සිටියා.

ඒ මඩකලපුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

“ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපිත් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි. ඒ ගැන දැනටමත් අපි සාකච්ඡා ආරම්භ කරලා තියෙන්නේ.හැබැයි කවුද අපේක්ෂකයා කියලා තවම තීරණය කරලා නැහැ.ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන ඕනෑම අපේක්ෂකයෙකුට 50% කට වැඩිය ඡන්දය මේ පාර ලබාගන්න බැහැ.ඒ හේතුව නිසා අපිත් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා ජනාධිපතිවරණයෙන් වැඩි ඡන්ද ලබාගන්න අපේක්ෂකයාට අපි වෙනම සහය දෙන්න ඕනේ කියලයි මම නම් හිතන්නේ. ”

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න