අද කාලගුණය වාර්තාව මෙන්න.

0
39

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්වයේ වැඩි වීම තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින හරහා විශේෂයෙන් බස්නාහිර, දකුණ, සබරගමුව, උතුරුමැද, වයඹ,උතුරු සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළං වේගය පැයට කිලෝ මීටර 60 ක් දක්වා ඉහළ යා හැකි බවද ‍එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර සවස 2 න් පසුව මුලතිව්, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.