බුර්කාවේ ඇත්ත කතාව මෙන්න.

මුස්ලිම් කාන්තාවන් අඳින ඇදුම් වලට පොදුවේ යෙදෙන නම ” حجاب‎ ” “Hijab”.

“Hijab” යන්නෙන් අදහස් වන්නෙ වැස්ම, තිර රෙද්ද, වේලය වැන්නක්. කුරාණයට අනුව “Hijab” මගින් ආරක්ශාව, විරුද්ධ ලිංගිකයන් වෙන්කිරීම, සියලු සංවේදන ආවරණය කරගැනීම සිදුවෙනවා. “Hijab” වර්ග 28ක් පමණ තිබෙනවා.

“Burqa” හෝ “chadari” යනු මුස්ලිම් කාන්තාවන් අඳින ඇදුම් වන “Hijab” වර්ගයකි.

“Burqa” හෝ “chadari” යනු සම්ප්‍රදායික මධ්‍යම ආසියානු පන්නයේ ඇඳුමකි. මින් සම්පූර්ණ ශරීරය වැසෙන අතර ඇස් සහ නහයට “grille” නොහොත් වා කවුලු වැනි දෙයක් යොදාගෙන ඇත. මෙය “paranja” වැනි මධයම ආසියානු ඇදුම් විලාසිතාවලට සමීප සමානකම් දක්වයි.

2011 දී ප්‍රංශය බුර්කාව තහනම් කලේ එසේ කල පලමු යුරෝපීය රට බවට පත්වෙමින්. එම කාලය වනවිට ප්‍රංශ ජනගහනයෙන් 7.4%ක්, එනම් මිලියන 4.7ක් මුස්ලිම් ජනතාවයි. ඒ වනවිට බුර්කාව අඳින මුස්ලිම් කතුන් 1900ක් සිටින බව බුර්කාවට විරුද්ධ පාර්ශව පෙන්වා දුන්නා. එය ප්‍රංශ – මුස්ලිම් ජනගහනයෙන් 0.04%ක්. එමෙන්ම එය සමස්ථ ප්‍රංශ ජනගහනයෙන් 00.3කටත් අඩු අගයක්. නමුත් ප්‍රංශ රහස් ඔත්තු සේවය පෙන්වා දුන්නේ ප්‍රංශයේ සිටින්නේ බුර්කාව අඳින කතුන් සිටින්නෙ 367ක් වැනි සුලු පිරිසක් පමණක් බවයි.

මේ අනුව මිලියන 63ක ජනගහනයක් සිටින ප්‍රංශය තුල 367 දෙනෙකුට පමණක් අදාල වන නීතියක් ඇතිකිරීම ප්‍රායෝගික නොමැති බව තීරණය කෙරුනා.

නමුත් 2011 දීම බෙල්ජියම බුර්කාව තහනම් කලා කිසිඳු සංඛ්‍යා ලේඛණයක් හෝ දත්තයන් නොමැතිවම.

2016 දී නෙදර්ලන්තය අර්ධ බුර්කා තහනමක් ගෙනාවා.එනම් රෝහල් සහ පාසල් වැනි නිශ්චිත පොදු ස්ථාන වලදී බුර්කා ඇඳීම තහනම් කලා. නෙදර්ලන්ත වාර්ථා වලට අනුව මෙම නීතිය අදාල වන්නේ 100-500දක්වා කාන්තාවන් පිරිසකටයි. එයිනුත් බහුතරය බුර්කාව අඳින්නේ ඉතාමත් කලාතුරකින්. එම පිරිස නෙදර්ලන්ත ජනගහනයෙන් 00.1%කටත් අඩුයි. ලන්දේසි ජනගහනය සමග ගත් විට නෙදර්ලන්තයේ වෙසෙන මුස්ලිම් ජනතාවගේ ප්‍රතිශතය 000.3කටත් අඩුයි.

විශාලතම සහ පැරණිතම මුස්ලිම් සමාජයක් ඇති යුරෝපීය රට තමයි බල්ගේරියාව. බල්ගේරියානු ජනගහනයෙන් 12%ක් මුස්ලිම්. මුලු රටේම බුර්කා තහනම 2016 දී ඇතිකරන්නට පෙර නගර වශයෙන් මේ තහනම ඇතිවුනා. බල්ගේරියාවේ ‘Pazardzhik’ නගරයේ බුර්කා අඳින කාන්තාවන් සිටියේ 12 දෙනෙක් පමණයි. එය එම නගරයේ ජනගහනයෙන් 00.1% ක් පමණයි.

ඔස්‍ර්ටියාවේ බුර්කා තහනම ඇතිවුනේ 2017 දී. එහි බුර්කා අඳින කාන්තාවන්ගේ ප්‍රතිශතය මුලු ජනගහනයෙන් 0.002ක්.

තවත් වාර්තාවක් පෙන්වාදෙන ආකාරයට ජර්මනියේ වෙසෙන මුස්ලිම් කාන්තාවන්ගෙන් 70%ක් ඔවුන්ගේ හිසකෙස් ආවරණය කරන්නේ නැහැ. ජර්මනියේ සිටින සමස්ත මුස්ලිම් ජනතාවගේ ප්‍රතිශතය 5%ක්.

2012 සංඛ්‍යාලේඛණ වලට අනුව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහනය 9.7% ක්. (1,967,227ක්) කෙසේවෙතත් බුර්කාව පළඳින්නේ සීමිත පිරිසක්. එකවරම හඳුනා ගැනීමට නොහැකි නිසා බොහෝ නරක ක්‍රියා සඳහා අපරාධකරුවන් බුර්කා ඇඳ ප්‍රසිද්ධියේම ඒ වැරදි කරන්න පටන් ගත්තා. ඒ අනුව දැන් ලංකාවේ බුර්කා තහනම් කිරීම පිළිබඳව බොහෝ පාර්ශව කතා කරනවා. කෙසේවෙතත් සමහර පාර්ශව වල බලපෑම මත බුර්කා තහනම තවමත් සිදුවී නැහැ. නමුත් රටේ සමස්ත මුස්ලිම් ප්‍රජාව මේ වනවිට බුර්කා තහනම විය යුතු බවට අදහස් පළකරනවා.

සටහන – පාරමී