සිම්බාබ්වේ වෙනුවට ක්‍රිකට් වලට එන අලුත් රට මෙන්න.

පසුගියදා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනමට ලක්වුණා.

කෙසේ නමුත් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම වෙනුවට විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ වරම් ලබා ගැනීම සඳහා පවත්වන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට නයිජීරියානු කණ්ඩායම එක්ව සිටිනවා.

ඔවුන් මේ සුදුසුකම් ලැබීමේ තරඟාවලියට එක්වුණේ අප්‍රිකානු ක්‍රිකට් තරඟාවලියේදි තුන්වැනි ස්ථානය අත්කර ගැනීමත් සමඟයි.

මෙම සුදුසුකම් ලැබීමේ තරඟාවලිය ඔක්තෝබර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න