ලංකාවේ ලියාපදිංචි අපරාධකරුවන් ගණන මෙන්න.

0
66

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි අපරාධකරුවන් 45514 සිටින අතර ඉන් 1108 කාන්තාවන් බවත්, 44406 පිරිමි පුද්ගලයන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

ලියාපදිංචි අපරාධකරුවන් වන්නේ අපරාධ වැළැක්වීමේ ආඥා පනතේ උපලේඛනයේ සඳහන් වැරදි වලට අනුව අවස්ථා දෙකකදී හෝ ඊට වැඩි ප්‍රමාණයකදී වරදකරුවෙකු වී ඉන් එක් අවස්ථාවකදී හෝ ඊට වැඩි ප්‍රමාණයකදී සිරගත වූ පුද්ගලයන්ය.

මෙම අපරාධකරුවන්ගේ නම් එම ලේඛනයෙන් නම ඉවත් කර ගැනීමට නම් වසර 70ක් පමණ කාලයක් අඛණ්ඩව යහපත් පුද්ගලයෙකු ලෙස කටයුතු කළ යුතුයි.නැතිනම්, ලැයිස්තුවෙන් නම ඉවත් කරනු ලබන්නේ ඔහු මියගිය පසුවයි.