හෘද රෝග ඇතුළු රෝග රැසකින් ඔබේ දරුවා රකින කෑමක්

දරුවන්ගේ හෘද රෝග අවදානම, දියවැඩියාව වර්ග 2 සඳහා අවදානම අවම කිරීමට යෝගට් ආහාරයට ගැනීම හේතුවන බව නව පර්යේෂණකින් හෙලිවී තිබේ. එමෙන්ම දරුවන්ගේ බර අඩු කිරීමට ද වැඩිපුර යෝගට් පරිභෝජනය උපකාරී වන බව මෙම පර්යේෂණය පෙන්වා දෙයි.

සති 12ක් පුරා දරුවන් 54 දෙනෙකු යොදාගෙන දිගින් දිගටම ඔවුන්ගේ ඉන්සියුලින් මට්ටම, රුධිර ගත සීනි මට්ටම, බර සහ ඔවුන්ගේ පරිවෘත ක්‍රියා අධ්‍යනය කර මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ඔවුන් යෝගට් වැනි ආහාර ගැනීමෙන් ආමාශයේ හිතකර බැක්ටීරියා මට්ටම ඉහල යන බවත් එම තත්වය ඉහත සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙන බවත් පර්යේෂණ කණ්ඩායම පවසයි.

Source

වර්තමාන සමාජයේ කුඩා දරුවන් පවා වැඩි බර, දියවැඩියාව වැනි තත්ව වලට පත්වීමේ අවදානමක් ඇති අතර තරුණ පිරිස් අතරද හෘද රෝග දුලබ නොවේ. වෙනත් ආහාර වලට සාපේක්ෂව යෝගට්, කුඩා දරුවන් ආහාරයට ගැනීමට ප්‍රිය කරන ආහාරයකි. එබැවින් යෝගට් දරුවාගේ ආහාර වේලට එකතු කිරීමෙන් මෙම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගත හැක.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න