හතුරුසිංහට යලි බංග්ලාදේශයේ දොර ඇරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් වන ලෙස චන්දික හතුරුසිංහට දැනුම් දී තිබුනත් මේ වන විට බංග්ලාදේශයේ අවධානය ඔහුට ලැබී තිබෙනවා.

ඒ බංග්ලාදේශයේ ක්‍රිකට් පිලේ පුහුණුකරු ලෙස බඳවා ගැනීම පිළිබඳවයි.

නමුත් බංග්ලාදේශ පුහුණුකරු තනතුර සඳහා තවත් ප්‍රධාන පෙළේ පුහුණුකරුවන් 4 දෙනෙකුට ආරාධනා ලැබී තිබෙන අතර මේ සඳහා නවසීලන්ත පිළේ හිටපු පුහුණුකරු මයික් හෙසන් හටත් ඇරයුම් කර තිබෙනවා.

බංග්ලාදේශයේ ක්‍රිකට් පිලේ පුහුණුකරු තනතුර තරඟයක් බවට පත්ව ඇති අතර ඒ සඳහා හතුරුට අභියෝගයක්ව සිටින්නේ මයික් හෙසන්.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න