සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ඉල්ලා යාපනය සහ උතුරේ ප්‍රදේශ කීපයක හර්තාල්

උතුරේ සහ නැගෙනහිර පළාත් වල ජීවත් වෙන දෙමළ ජනතාවගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් තහවුරු කරන ලෙස ඉල්ලා උතුරේ ප්‍රදේශ රැසක අද දිනයේ හර්තාල් ක්‍රියාත්මකයි.

කඩ සාප්පු වසා දමමින් ප්‍රදේශ රැසක ජනතාව මෙලෙස තම විරෝධය පළ කරයි. ඊට සහය දක්වමින් පාසල්, විශ්ව විද්‍යාල සහ සෑම ආයතනයක්ම පාහේ වසා දමමින් මෙලෙස විරෝධය පළ කරන බව වාර්තා වේ. වෘත්තීය සංගම්, ශිෂ්‍ය සංගම් සහ ව්‍යාපාරිකයන් මෙම කටයුත්තට සම්බන්ධ වී ඇත.

ඔවුන්ගේ සිවිල් ව්‍යාපාරයේ ලාංඡනය සහ නම

ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතයට මේ හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති අතර පොදු ප්‍රවහන සේවය ද සීමා සහිත බව වාර්තා වේ.

දෙමළ නිජබිම් සිංහලකරණය, 2009 දෙමළ ජනතාව සමූල ඝාතනය වැනි චෝදනා රාශියක් ද, දෙමළ ජනතාවට සිවිල්, දේශපාලන, ආර්ථික සහ සාමාජීය නිදහස ඉල්ලා මෙලෙස හර්තාල් ව්‍යපරකයක් දියත් කරන බව වාර්තා වේ.

එමෙන්ම මෙම ව්‍යාපාරයට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සම්බන්ධ වූ බවක් මෙතෙක් වාර්තා වී නැත.

ස්ථාන කීපයක සාමකාමී විරෝධතා ද පැවැත්වේ.

අද යාපනය සහ උතුරේ ප්‍රදේශ රැසක දක්නට ලැබුණේ මෙවැනි තත්වයක්

ඡායාරූප උපුටා ගැනීම්: https://twitter.com/garikaalan, https://twitter.com/Videominivan, https://twitter.com/mayurappriyan

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න