සියලුම ක්‍රිකට් පුහුණුකරුවන් ඉවත් කරන්න හරීන් නියෝග කරයි.

එළඹෙන බංග්ලාදේශ තරඟාවලියෙන් පසු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලු පුහුණුකරුවන්ට තනතුරු වලින් ඉවත් වන ලෙස දැනුම් දෙන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කර තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ පැවති ජනාධිපති ක්‍රීඩා සම්මාන උළලේදී. මීට පෙර මෙම තනතුරු වෙනස් කරන ලෙස ජනතාව ඉල්ලා සිටියද ලෝක කුසලානයක් අත ළඟ තබා ගෙන ඒසේ කිරීම සුදුසු නොවන හෙයින් ලෝක කුසලානය අවසන් වන තෙක් ඒ සඳහා සිටි බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න