දිමුත්ගෙන් අර්ධ ශතකයක්.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය  අද නිමාවට පත් වුණා .

ඒ කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී.

ඒ අනුව අද පැවති තරඟයේදී ශ්‍රී  ලංකා කණ්ඩායම කඩුලු 06කට ලකුණු 144ක් ලබා සිටියා.

නායක දිමුත් කරුණාරත්න කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් සමඟ ලකුණු 65ක් රැස් කර ගත්තා.