චීනයට මහා අනතුරක් අත ළඟ. (VIDEO)

චීනයේ නැගෙනහිර වෙරළාසන්න ෂෙජියෑං ප්‍රාන්තය වෙත යොමු වී ඇති ලෙකිමා සුපිරි සුළි සුළඟ හමුවේ එරට කාලගුණ කාර්යාංශය රතු නිවේදනයක් නිකුත් කර කර තිබෙනවා.

2014 වසරෙන් පසු චීනයට හමන ප්‍රබලතම චණ්ඩ මාරුතය වන එය හෙට අලූයම් කාලයේ ගොඩබිම් ප්‍රදේශයට ඇතුළු විය හැකි බව චීනයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කළා.

මේ හේතුවෙන් ෂැන්ග්හයි හා බීජිං නගරවල ඇතැම් දුම්රිය ගමන්වාර ද අත්හිටුවීමට චීන බළධාරීන් පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම වෙරළබඩ ප්‍රදේශවල දහස් ගණන් ජනතාවට ඉවත් වීම සඳහා සුදානම් වන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න