> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# නායයාම් ආශ්‍රිත පාසල් හඳුනාගෙන, ඒවා වෙනත් සුදුසු ස්ථානයක ස්ථානගත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වෙයි
- URL: https://www.citizen.lk/governments-attention-is-focused-on-identifying-landslide-affected-schools-and-relocating-them-to-other-suitable-locations/
- Published: 2025-12-22T08:23:24.000Z
- Updated: 2025-12-22T08:23:24.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

නායයාම් ආශ්‍රිත පාසල් නැවත එම ස්ථානවලම විවෘත කිරීම අතිශය අනතුරුදායක බැවින් එවැනි පාසල් හඳුනාගෙන, විද්‍යාත්මක පදනම මත සුදුසු ස්ථානයක ස්ථානගත කිරීම කෙරෙහි රජය අවධානය යොමු කරමින් තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කර තිබෙනවා.

‍අග්‍රාමාත්‍යවරිය හා UNICEF සංවිධානයේ නියෝජිතයන් පිරිස අතර සිදු වූ හමුවකදී, අග්‍රාමාත්‍යවරිය විසින් UNICEF සංවිධානයේ නියෝජිතයන් වෙත මෙම දැනුම්දීම සිදු කර ඇත.

ස්වාභාවික ව්‍යසනය සිදු වූ මොහොතේ සිට මේ දක්වාම විපතට පත් ශිෂ්‍ය ප්‍රජාව ආරක්ෂා කර ගැනීමත්, හානියට පත් වූ පාසල් පද්ධතිය යළි නගා සිටුවීමත් සඳහා රජය ක්‍රියා කරමින් සිටින ආකාරය පිළිබඳව සහ ඊට ඇති අභියෝග පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී කරුණු පැහැදිලි කර දී තිබෙනවා.

විපතට පත් පාසල් සිසුන් වෙත මුදල් සහන සලසමින්, දෙමව්පියන්ට අමතර බරක් නොවී නැවත දරුවන් පාසල් වෙත යැවීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බවත්, දරුවන්ට, නිවසට පසු ආරක්ෂිතම ස්ථානය පාසල බැවින් එහිදී ඔවුන්ගේ මානසික සෞඛ්‍ය සාධනීය මට්ටමකට පත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.