රජය සතු වී තොග වෙළඳපොළට

රජය සතු වී තොග වෙළෙඳපොළට මුදා හැරීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා පැවති ජීවන වියදම් කමිටු රැස්වීමේදීයි.

මේ වනවිට වී අලෙවි මණ්ඩලය සතුව වී මෙට්‍රික්ටොන් 48,000 ක් ඇති අතර එම තොගය ලබන මහ කන්යේ වී අස්වැන්න වෙළෙඳපොළට සැපයෙන තෙක් වරින් වර නිකුත් කිරීමට නියමිතයි.

ඒ සඳහා අදාළ තොග සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ලබාදීමට සැලසුම් කර ඇති බවයි ජීවන වියදම් කමිටුව පැවසුවේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න