නඩු ඇසීම නවත්වන ලෙස ගෝඨාභය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ නඩුවේ චෝදනා ඉදිරිපත් කර තිබෙන ආකාරය දෝෂ සහිත බැවින් එම චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම, පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලීම සිදු කෙරුණි.

එහි නියෝගය ප්‍රකාශයට පත් කළේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතායි.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බව එහිදී විනිසුරුවරයා සඳහන් කළා.

සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බවයි.

1 COMMENT

  1. […] ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය පිළිබද වත්මන් නඩුව ඇසීම නවත්වන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීම , ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කිරීමත් සමඟින්. […]