ගෝඨාභය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදය ලබා ගනියි.(PHOTOS)

0
20

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැද පුදා ගෙන ආශීර්වාද ලබා ගත්තා.

එහිදී ආශිර්වාද පූජාවක් සහ ජය පිරිත් සජ්ජායනාවක් සිදුකළ බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ආශිර්වාද පූජාවෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ පිරිස අටමස්ථානය වැද පුදා ගැනීමට ද එක්ව තිබෙනවා.