ගෝඨා අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් බැහැදකී.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍ර‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් බැහැදුටුවා.

ඒ, රුක්මල්ගම පිහිටි ධර්මවිජයාලෝක මහා විහාරස්ථානයේදීයි.

එහිදී ඔහු ආගමික වතාවත්වලද නිරතවූ අතර, අද පස්වරුවේ අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබා ගත්තා.