ගෝඨාභය ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ස අද ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙනුවට නීතිඥ සාගර කාරියවසම් අද මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

එම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ගාමිණී ලොකුගේ, විමල් විරවංශ, උදය ගම්මන්පිළ ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් තිදෙනෙකු මීට පෙර ඇප මුදල් තැන්පත් කර තිබිණි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න