“පරාද කරන්න ලේසිම කෙනා ගෝඨා” – කිරිඇල්ල කියයි.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වුවද එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කලේ පරාජය කිරීමට පහසුම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ වන අතර පෙර පැවති ජනාධිපතිවරණයටත් වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් ඔහු පරාජය කර මෙවරත් ජයග්‍රහණය එ.ජා.ප.යට ලබා ගත හැකි බවයි.