රන් සම්මානයෙන් පිදුම් ලැබූ ඔරිජිනල් පැස්බරා.

ශ්‍රී ලංකා රේඩියෝ ඉතිහාසය වඩාත්ම ජනප්‍රිය වැඩසටහන් හිමිකාරිය ඇයයි. ඇය වැඩසටහන් ඉදිරිපත් කරන ශෛලිය අනුකරණය නොකරන නිවේදිකාවක් මෑත කාලයේදී  දැක ගත නොහැකි තරම්. පැස්බරා යන අන්වර්ථ නාමයෙන් ශ්‍රී ලංකාවම හඳුනන ඇය දිස්නා මුණසිංහයි.

2004 වසරේ හිරු ගුවන් ගුවන් විදුලි නාලිකාවට සම්බන්ධ වූ ඇය ඉදිරිපත් කළ උදෑසන වැඩසටහන Breakfast drive with ඩීජේ අරා ඇන්ඩ් පැස්බරා, Who’s Speaking වැඩසටහන සහ Top 40 වැඩසටහන් කා අතරත් අතිශය ජනප්‍රිය වැඩසටහන් බවට පත් වුණා. එලෙසම ඇය එම ආයතනයේ සහකාර සාමාන්‍යාධිකාරී ලෙස ද කටයුතු කළා. පසුව හිරු FM නාලිකාවෙන් සමුගත් ඇය සියත FM නාළිකාවට සම්බන්ධ වුණා. මේ වන තෙක් ඇය එම ගුවන් විදුලි නාලිකාවේ උදෑසන වැඩසටහන ඉදිරිපත් කරනවා .

ඇයගේ නවමු ඉදිරිපත් කිරීමේ ශෛලිය අද මුළු රටම ආදරයෙන් වැළඳගෙන අවසන්. ඇයව අනුකරණය කරන නිවේදිකාවන් රටපුරාම පැතිර සිටිය ද ඇය වෙනුවෙන් රසිකයන් තුළ ඇති ආදරය බින්දුවක් හෝ අඩු වී නැහැ.

ශ්‍රී ලංකා ජන සන්නිවේදන සංගමය විසින් සංවිධානය කරන පසුගියදා පැවැත්වුණ MASSCO 2019 සම්මාන උළෙලේදී මාධ්‍යශූරී විශිෂ්ඨතා සම්මානයට පාත්‍රවන්නට ඇයට හැකි විය. Citizen News කණ්ඩායමේ අපි ඇයට උණුසුම් සුබ පැතුම් එක කරමු.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න