ගුවන් යානයක තටුවකට නැග, මඟියෙක් අමුතු වැඩක් කරයි. (VIDEO)

0
27

නයිජීරියානු ගුවන්තොටුපොළක පිටත්වීමට සූදානමින් තිබූ මගී ගුවන් යානයක තටුවක් මතට නගිමින් ඊට ඇතුල් වීමට උත්සාහ ගත් පුද්ගලයෙක් එරට ගුවන්තොටුපොළ බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

නයිජීරියාවේ Lagos ගුවන් තොටුපොළේ දී සිදු වූ මෙම අහඹු සිද්ධිය එම යානයේ සිටි මගියෙකු විසින් රූගත කර තිබුණා.

මොහු දැක කලබල වූ එහි සිටි මගීන් ගුවන් යානා කාර්‍යමණ්ඩලයට මේ ගැන දන්වා ඇති අතර ගුවන් නියමුවා පසුව යානය ක්‍රියා විරහිත කර තිබෙනවා.

මෙම පුද්ගලයා එම ස්ථානයට පැමිණි ආකාරය සහ කුමක් සඳහා පැමිණියේද යන්න පිළිබඳව මෙතෙක් නිවැරදි තොරතුරු අනාවරණය වී නැහැ.