ප්‍රවීන රංගවේදීයාණන්ගේ අවසන් කටයුතු ලබන 30 වෙනිදා.

0
113

ඊයේ (27) ජීවිතයෙන් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ දේහය මේ වනවිට නාවල රාජගිරිය කොස්වත්ත පාරේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.

මියයන විට 68 වන වියෙහි පසුවූ ඒ මහතා අවසන් කාලයේ වකුගඩු ආබාධයකින් පෙළුණු අතර ඔහුට වකුගඩු බද්ධයක්ද සිදු කර තිබුණා. නමුත් එම බද්ධයෙන් පසු ඔහුට විවිධ සංකූලතා මතුවූ බව පවුලේ අය දන්වා තිබෙනවා. මීට ටික කලකට පෙර සිදුකළ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් පසුව ඇති වූ රෝගී තත්ත්වයක් සිය පියාගේ මරණයට හේතු වූ බව දෙදරු පියකු වූ ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ දියණිය ප්‍රතිභා හෙට්ටිආරච්චි මාධ්‍ය වෙත දන්වා තිබෙනවා.

ඔහුගේ රෝගී තත්වය මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ මියගියා. ගාමිණී හෙට්ටිආරච්චිගේ දියණිය ප්‍රතිභා නැගී එන නිළියකි. පුතු ප්‍රකට ඩීජේ වාදන ආයතනයක් පවත්වා යන අයෙක්.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලබා දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික නිලධාරියෙකු ලෙස සේවය කර තිබූ ගාමිණී හෙට්ටිආරච්චි මහතා නාට්‍ය කලාවට මුලදී විනෝදාංශයක් ලෙස සම්බන්ධවූ අතර පසුකාලීනව වෘත්තීය රංගන ශිල්පියෙකු බවට පත් වුණා.

‘යශෝරාවය’ ටෙලි නාට්‍යයේ සුනිමල් ලෙස හිතුවක්කාර පුතෙකු ලෙස ඔහු රඟපෑ චරිතය බොහෝ අයගේ මතකයේ රැඳෙන්නක් වුණා. ‘දඩබිම’ ටෙලි නාට්‍යයේ ඔහු රඟපෑ මන්ද බුද්ධිකයකුගේ චරිතය නිසා සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙසද ඔහු අභිෂේක ලැබුවා.

ඒ මහතාගේ අවසන් කටයුතු ලබන 30 වැනිදා පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here