අද රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට.

0
210

ඉන්ධන මිල සඳහා වන මිල සුත්‍රට අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ද ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 5 කින් ද ඉහළ යනවා.

කෙසේ වෙතත් ජනතාවට සහ පොදු ප්‍රවාහන කේෂ්ත්‍රයට අයහපතක් සිදු වීම වළක්වමින් ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති අතර සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින් ඉහළ දමා තිබෙනවා.

නව සංශෝධිත මිල ගණන් පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here