FROZEN 2 චිත්‍රපටය ළඟදීම තිරගත කිරීමට සුදානම්. (VIDEO)

වසර 2013 දී බොක්ස් ඔෆිස් වාර්තා රැසක් තැබීමට සමත් වූ ඩිස්නි සජීවීකරණ චිත්‍රපටයක් වන Frozen හි දෙවැනි කොටසේ දෙවැනි පූර්ව ප්‍රචාරණ පටය පසුගිය 11 දා එළිදැක්වුණා.

ඇමෙරිකාවේ ‘ගුඩ් මෝනින් ඇමෙරිකා’ රූපවාහිනී වැඩසටහන අතරතුරදී විකාශය කෙරුණු Frozen II හි දෙවැනි පූර්ව ප්‍රචාරණ පටයේ යූටියුබ් වීඩියෝව මේ වන විටත් මිලියන 12කටත් අධික වරක් නරඹා තිබෙනවා.

ක්‍රිස් බක් හා ජෙනිෆර් ලී ගේ අධ්‍යක්ෂණයක් වන Frozen II, නොවැම්බර් 22දා ලොවපුරා සිනමාහල් වල එළිදැක්වීමට නියමිත වනවා.

එල්සා හා ආනාගේ අතීතය පිළිබඳ සත්‍යය සොයායාමේ ගමනක් පිළිබඳව හෝඩුවාවක් ලබාදෙන මෙම පූර්ව ප්‍රචාරණ පටය පහතින් බලන්න.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න