ප්‍රංශ ෆෝමියුලා 2 ධාවකයෙකු මරුට

ප්‍රංශයේ පැවති ෆෝමියුලා 2 සුපිරි මෝටර් රථ තරඟයක් අතරතුර සිදුවූ අනතුරකින් ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇන්තොයින් හර්බට් නමැති ප්‍රංශ ජාතික ක්‍රීඩකයෙකු මෙම මෙම අනතුරට මුහුණ පෑවේ ඉකුත් සෙනසුරාදා (31) පැවති තරඟයක් අතරතුරයි.

ඔහුගේ රථය දෙවන වටය පසු කරත්දී තවත් තරඟ කරුවෙකුගේ රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. එමෙන්ම මෙම අනතුරින් තරඟ නරඹන්නේකු ද තුවාල ලැබීය. ඔහු 20 හැවිරිදි ඇමරිකානු ජාතික තරුණයෙකු වන අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව සඳහන්ය.

හබර්ට්, ඔහු ඉකුත් මැයි මාසයේ දී ඉතාලියේ සහභාගී වූ තරඟ 4ක් පිට පිටම ජයග්‍රහණය කළේ ය.