බුද්ධි නිලධාරීන්ගේ වෙස් ගෙන නිවසක් කොල්ල කෑ සිව්දෙනෙක් අත්අඩංගුවට.

0
314

ආරක්ෂක අංශ සිදුකරන සෝදිසිකිරීම්වලට මුවා වී නාවික හමුදා බුද්ධි නිලධාරීන්ගේ වෙස්ගෙන කිරිඇල්ලේ මුස්ලිම් නිවසක් කොල්ලකෑ සිව්දෙනෙකුගෙන් යුත් කල්ලියක් අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය සඳහන් කළා.

නාවික හමුදා බුද්ධි නිලධාරීන් ලෙස පෙනී සිටි මොවුන්ගෙන් එක් අයෙක් නිවැසි ප්‍රධානියාගෙන් ප්‍රශ්නකරන අතරවාරයේදී අනෙක් සිවුදෙනා නිවස පරීක්ෂා කරන මුවාවෙන් රන් භාණ්ඩ කොල්ල කා ඇති බව පොලිසිය පැවසුවා.

කොල්ලකන ලද රන් මුදු දෙකක්, කොල්ලකෑමට යොදාගත් ත්‍රිරෝද රථයක්, යතුරුපැදි දෙකක්, නාවික හමුදා ජැකට්ටුවක්, බූට් සපත්තු යුගලක් පොලිසිය බාරයට ගෙන ගැනුණා.

ඉකුත් 08 වැනි දින අගලවත්ත බෙල්ලන ඉන්ධන පිරවුම්හලක් අසළ වෙළඳසැලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බුද්ධි නිලධාරියෙකු ලද තොරතුරක් අනුව අගලවත්තේදී අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව අනෙක් පුද්ගලයන්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here