නීති විරෝධීව මෙරට රැඳී සිටි නයිජීරියානු ජාතිකයින් 4ක් අල්ලයි.

0
52

ආගමන විගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැදී සිටි නයිජීරියානු ජාතිකයින් සිව්දෙනෙක් දෙහිවල ගුවන් පාලම අසල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් නයිජීරියානු ජාතිකයින් අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

දෙහිවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here