හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාගෙන් පෙත්සමක්.

0
109

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තමන්ව අනිවාර්ය නිවාඩු ගැන්වීමට ගෙන ඇති තීරණය අවලංගු කරන මෙන් ඉල්ලා ජාතික පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු 17 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

නුවන් සොයිසා මහතා කියා සිටින්නේ 2017 වසරේදී එක්සත් අරාබි එමිර් රාජ්‍යය පැවති ක්‍රිකට් තරගමාලාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ තමා තරඟයේ තීරණයට බලපෑම් විය හැකි දූෂිත ක්‍රියාවක නිරත වූ බව සඳහන් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන කමිටු මඟින් තමන්ට එරෙහිව චෝදනාවක් එල්ල කර ඇති බවයි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පන්දු යැවීමේ පුහුණුකරු ලෙසද තමා දැරූ තනතුරෙන් අනිවාර්යය නිවාඩු යැවීමට තීරණය කර ඇති බව පෙන්වාදෙන ලෙස නුවන් සොයිසා මෙම තීරණය නීතියට පටහැනි බවයි කියා සිටියේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආදාළ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here