කථාවක් නොලැබීම නිසා හිටපු අගමැති දි.මු සභාව මැද යකා නටයි.

0
155

ගම්පොළ පුපුරැස්ස පොලිස් ස්ථානය විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පෙරවරුවේ පැවැත්වුණා.

එම උත්සවයට හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ද එක්ව සිටි අතර ඔහුට සභාව ඇමතීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

කෙසේ නමුත්, තමාට උත්සවයේ කතාවක් හිමි නොවූ බව පවසමින් දි.මු. ජයරත්න මහතා සභාව මැදට පැමිණ උත්සවය අමතනු ලැබුවා.

එහිදී ඔහු කියා සිටියේ, තමන් අවුරුදු 72ක් දේශපාලනයේ සිටි බවත්, මේ සියලු දෙනාම මහපොළොවේ අඩිය ගසා සිටිනේ තමන් නිසා බවත්ය.