හිටපු ආරම්භක පිතිකරු දිවි ගමනට සමු දෙයි.

0
94

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු වී.බී.චන්ද්‍රසේකර් ඊයේ (15) චෙන්නායිහිදී මියගොස් තිබෙනවා.

සිය උපන්දිනයට දින 6 ක් ඉතිරිව තිබියදී ඔහු මියගිය පුවත සැලවීමත් සමඟ තමිල්නාඩුවේ ක්‍රිකට් ලෝලීන් මහත් කම්පාවට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු පළමුපෙළ තරඟ තුළ දැක්වූ දක්ෂතා නිසා ඉන්දීය එක්දින ජාතික කණ්ඩායමට එක්වීමට වරම් හිමි වුණා.

එහිදී තරඟ 7 ක් ක්‍රීඩා කළ චන්ද්‍රසේකර් වඩා වැඩි දස්කම් දැක්වූයේ ඉන්දියාවේ පළමුපෙළ ක්‍රිකට් තරඟ තුලයි.

ඔහු IPL තරඟාවලියේ ප්‍රබල කණ්ඩායමක් වූ චෙන්නායි සුපර් කිංග්ස් හි කළමණාකරු ලෙස කටයුතු කල අතර රූපවාහිනි ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙසින්ද කටයුතු කළා

චන්ද්‍රසේකර් මිය යන විට 57 වියෙහි පසු වුණා.