> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# NLB හිටපු සභාපතිනිය අත්අඩංගුවට
- URL: https://www.citizen.lk/former-nlb-chairwoman-arrested/
- Published: 2026-06-30T10:38:24.000Z
- Updated: 2026-06-30T10:38:24.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්, පුවත්

June 30 (Citizen News) - ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරියක වන ශ්‍යාමිලා පෙරේරා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමෂන් සභාව මඟින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ ඇය ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරියව සිටි සමයේ සේවයට බඳවාගන්නා ලද නිලධාරීන් තිදෙනෙකු එම ආයතනයේ සේවයට නොයොදවා එවකට අමාත්‍ය රවී කරුණානායකගේ කාර්යාල මණ්ඩලයේ සේවයට යෙදවීම තුළින් දුෂණය නැමැති වරද සිදුකිරීමේ චෝදනාවට අදාළවය.