> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# හිටපු අමාත්‍යවරයෙකු රිමාන්ඩ්
- URL: https://www.citizen.lk/former-minister-remanded/
- Published: 2025-12-29T06:25:26.000Z
- Updated: 2025-12-29T06:25:26.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ජනවාරි 09 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා ඊයේ (28) ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් පද්මා අමරතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක්, 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදු කරන විමර්ශනවලට අදාළව පසුගිය 26 වන දා ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.