> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ඉතිහාසයේ පළමුවරට කැන්ටබරියේ අගරදගුරු තනතුර කාන්තාවක් තේරී පත් වෙයි
- URL: https://www.citizen.lk/for-the-first-time-in-history-a-woman-has-been-elected-as-archbishop-of-canterbury/
- Published: 2026-01-29T10:23:10.000Z
- Updated: 2026-01-29T10:23:10.000Z
- Author: Dhanu Kulathunga
- Tags: විදෙස්

January 29 (Citizen.lk News) - එංගලන්ත පල්ලිය මෙහෙයවීමේ වගකීම එනම් කැන්ටබරියේ අගරදගුරු තනතුර අද (29) ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත පැවරුණි.

ඒ 63 හැවිරිදි සේරා මුලාලේ බිෂොප්වරිය එම තනතුරේ දිවුරුම්දීමත් සමගිනි.

වසර 1, 400කට පසු කැන්ටබරියේ අගරදගුරු ධුරයට සුදුසුකම් ලැබූ පළමු කාන්තාව ඇය වීම විශේෂත්වයක්.

බ්‍රිතාන්‍ය රාජාභිෂේකයක් සිදුවන අවස්ථාවල කිරුළ පැළඳවීම වැනි භාරදූර්ය කාර්යන් සිදුකරන කැන්ටබරි අගරදගුරු තනතුර කාන්තාවක් වෙත හිමිවීම ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකෙනවා.

එමෙන්ම ගෝලීය ඇන්ග්ලිකන් කතෝලිකයින්ගේ ආධ්‍යාත්මික නායකයා වන්නේ ද කැන්ටබරියේ අගරදගුරුවරයාය.