අද (11) සිට රුපියල් 12,990 න් චෙන්නායි යන්න

පසුගිය ඔක්තෝම්බර් මස 17 වෙනිදා විවෘත කරනු ලැබූ යාපනජාත්‍යන්තර ගුවන් තොටුපපළේ ගුවන් ගමන් සේවා අද (11) සිට සිවිල් ජනතාව වෙනුවෙන් ආරම්භ කරන බව ගුවන් තොටුපළ බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.

ගුවන් තොටුපල නිලධාරීන් සඳහන් කර සිටියේ සතියට දින තුනක් ගුවන් ගමන් සේවාවන් සිදුකිරීමට නියමිත අතර සඳුදා, බදාදා, සහ සෙනසුරාදා යන දිනයන් හිදී ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක වන බවයි.

‍ඉන්දියාවේ චෙන්නායි සිට උදැසන 10.35 ගුවන් යානාය යාපනය බලා පිටත්වීමට නියමිත අතර, නැවත අදාළ ගුවන් යානය යාපනය සිට සවස 2.10 ට චෙන්නායි දක්වා ගමන් කිරීමට සුදානම් කොට ඇති බවද ගුවන් තොටුපොළ නිළධාරීන් ප්‍රකාශ කර සිටියේ.

යාපනය සිට චෙන්නායි දක්වා එක් ගුවන් ගමන් සේවාවක් වෙනුවෙන් රුපියල් 12,990 ක් අය කිරීමට නියමිත බවද ගුවන් තොටුපොළ නිළධාරීන් සඳහන් කර සිටියා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න