මරණයේ මිටියාවතට ගිය ප්‍රථම සංචාරකයා

ඉස්ලාමික් රාජ්‍යයේ විශාලතම නගරයේ සංචාරය කළ ප්‍රථම සහ එකම සංචාරකයාගේ කතාව.

ඉරාකයේ මොසුල් නගරය හැඳින්වෙන්නේ ISIS හෙවත් ඉස්ලාමික් ජනරජයේ වැඩිම ජනගහනයක් රැඳී සිටින නගරය ලෙසයි. 2014 වර්ෂයේ දී මෙම ප්‍රදේශය ඉස්ලාම් රාජ්‍යයේ සන්නද්ධ අංශය විසින් අත්පත් කරගෙන ඇත.

2016 වසරේ දී මොසුල් නගරය මුදාගැනීම සඳහා මෙහෙයුමක් දියත් කිරීමට ඉරාක හමුදා පියවර ගන්නා ලදී. කෙසේ වෙතත් ඔවුන් 2017 වසරේ දී අසීරු මෙහෙයුමකින් පසුව ඉරාක හමුදා මෙම නගරය නැවත මුදාගන්නා අතර තවමත් එම ප්‍රදේශය සංචාරයට හෝ සාමාන්‍ය ජනජීවිතයට පත්ව ඇති නගරයක් නොවේ.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ සරේ ප්‍රාන්තයේ ඇන්ඩි නම් වූ ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමක හිමිකරුවෙකු මෙම ප්‍රදේශයේ සංචාරය කිරීමට සමත්ව තිබේ. ඔහු වසර 20ක් පුරා පෘථිවිය මත සංචාරකයන්ට පය තැබීමට නොහැකි ස්ථාන වෙත ගමන් කරමින් අත්දැකීම් ලැබුවෙකි.

වීසා බලපත්‍ර හෝ වෙනත් අවසරයකින් තොරව ඇන්ඩි මෙම වික්‍රමාන්විත සංචාරයේ යෙදී ඇත.

ශ්‍රී ලංකා රුපියල් 889,270 (ලක්ෂ 9කට ආසන්න) මුදලක් හෙවත් බ්‍රිතාන්‍ය පවුම් 4,000ක් වැය කරමින් මෙම මරණයේ මිටියාවතේ දින 3ක් සංචාරය කිරීමට ඔහු සමත් ව ඇත.

දහසක් ගණන් අහිංසකයන් මරා දැමුණු භූමියට වසර ගණනක සංචාරකයෙකු එනවා තබා ඒ ගැන සිතන්නේවත් නැත. මුළු නගරයම සම්පූර්ණ නටඹුන් ගොඩක් බවට පත්ව තිබී ඇත.

එමෙන්ම ඔහු ප්‍රබල අවදානම් ගණනාවකට මුහුණ දෙමින් මෙහි සංචාරය කර ඇත. ඔහු ඔත්තු කරුවෙකු යයි චෝදනා කරමින් ඔහුව සිර භාරයට ගැනීමට ඉහල හැකියාවක් තිබිණි. එමෙන්ම එවැනි කිසිවක් නොකිය කුමන හෝ පාර්ශවයකට අයත් සන්නද්ධ හමුදා කණ්ඩායමක් විසින් ඔහුව පැහැර ගැනීමට ඉඩ තිබිණි. එමෙන්ම යුධ තත්වය පහව ගොස් තිබුණද ඕනෑම මොහොතක ගැටුමකට මැදි වීමේ හෝ බිම්බෝම්බයක් හෝ පුපුරා යාමේ ඉඩක් ඇත.

53 හැවිරිදි ඇන්ඩි සිව් දරු පියෙකි. එසේම ඔහු මෙම සංචාරයේ අවදානම නොතකා එහෙත් සාර්ථකව සිදු කිරීමට සමත් විය. ඔහුට එහිදී ඉරාක හමුදා කණ්ඩායම් සමඟ සුහද වීමට අවස්ථාව ද ලැබී ඇත.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න