> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්
- URL: https://www.citizen.lk/fatal-accident-near-kadawatha-bus-stand/
- Published: 2026-06-24T06:34:28.000Z
- Updated: 2026-06-24T06:34:27.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්

June 24 (Citizen News) - කඩවත බස් නැවතුම්පොළ අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

බස් රථයක් කඩවත බස් නැවතුම්පළතුළට ධාවනය කරන අවස්ථාවේ දී පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ 49 හැවිරිදි පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මරණකරු රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.