“මාධ්‍යට සත්‍ය තොරතුරු පල කිරීමට ඉඩ නොදීම නිසා ජනතාව තුල අසත්‍ය තොරතුරු පැතිරෙනවා” – මහින්ද

සත්‍ය තොරතුරු මාධ්‍ය මගින් පල කිරීමට ඉඩ ලබා නොදීම හරහා ජනතාව තුළ අසත්‍ය තොරතුරු පැතිරයාමේ වැඩි ඉඩකඩක් පවතින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

සත්‍ය තොරතුරු මාධ්‍ය හරහා නොපෙන්වා සිටිමේදී සත්‍ය තත්වයකට වඩා එහා ගිය කරුණු ජනතාව අතර කටකතා ලෙස පැතිරිය හැකි බවත් එනිසා ඇත්ත තත්වය රටට හෙළි කිරීම වඩාත් සුදුසු බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

එසේම එළඹෙන වෙසක් දිනය ඉතා ඉහළින් සැමරිය යුතු බවත් ඒ සඳහා ආරක්ෂාව සැලසීම රජයේ යුතුකමක් බවත් ඒ එතුමා පැවසුවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ කොටියාකුඹුර රුවන්වැල්ල ප්‍රදේශයේදී අවමංගල්‍ය උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න