Facebook වෙතින් නව මුදල් හුවමාරු ක්‍රමයක් එළිදක්වයි.

    Facebook ආයතනය සහ තවත් සංවිධාන 27 ක් එක් ව නොලබන ආයතනයක් ආරම්භ කර තිබෙනවා. මෙහි නම LIBRA ASSOCIATION. මෙම ආයතනය මඟින් නව මුදල් ඒකකයක් Libra නමින් හදුන්වා දීමට ද කටයුතු කර තිබෙනවා. Libra හි කාර්‍යභාරය ලෙස හඳුන්වනේ ලෝකය පුරා විසිරී සිටින බිලියන ගණනක පුද්ගලයින් වෙනුවෙන් සරල ගෝලීය ආර්ථික යටිතල පහසුකම් සපයා දීමයි. එය බ්ලොක්චේන් තාක්ෂණයෙන් බල ගැන්වෙන අතර 2020 දී දියත් කිරීමට නියමිත වනවා.

    මේ පිළිබඳව Facebook නිර්මාතෘ මාක් සකර්බර්ග් තම Facebook පිටුවේ මෙලෙස සටහනක් යොමුකර තිබෙනවා.

    “ජංගම මුදල් භාවිතයට ගත හැකි වීම මිනිසුන් ගේ ජීවිත කෙරෙහි ධනාත්මක බලපෑමක් කළ හැකියි. මන්ද එවිට සෑම විටම මුදල් රැගෙන යායුතු නැත. එය ආරක්ෂිත නැත. එමෙන් ම මාරු වීම වලදී අමතර ගාස්තු ගෙවීමට ද සිදු වේ. සාම්ප්‍රදායික බැංකු හෝ මූල්‍ය සේවාවන් සදහා ප්‍රවේශයන් නොමැති අය සදහා මෙම ක්‍රමය වඩා හොද වේ. එනම්, මේ වන විට බැංකු ගිණුමක් නැති වුවද ජංගම දුරකතනයක් හිමි පුද්ගලයින් බිලියනයක් පමණ ජීවත් වේ.”

    Today, Facebook is coming together with 27 organizations around the world to start the non-profit Libra Association and…

    Posted by Mark Zuckerberg on Tuesday, June 18, 2019
    Libra වෙනුවෙන් සැකසූ ප්‍රචාරක පටය.

    තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න