Facebook ආයතනය ලංකාවට රතු එළි දල්වයි.

ශ්‍රී ලංකාවේ පසුගිය දිනවල සමාජ මාධ්‍ය අඩවි හරහා, විශේෂයෙන්ම ෆේස්බුක් අඩවිය හරහා වෛරී ප්‍රකාශන හුවමාරු වීම අනුව ෆේස්බුක් අඩවිය ඇතුළු සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයකට කිහිප වතාවක්ම පිවිසීම අවහිර කළා. මේ හේතුවෙන් ෆේස්බුක් ආයතනයෙන් නව පියවර රැසක් ගෙන තිබෙනවා.

එවැනි ප්‍රකාශන යලි ෆේස්බුක් අඩවියෙහි පල නොකිරීමට, පණිවිඩ හරහා හුවමාරු කර ගැනීම වැළැක්වීමට නවතම පියවර ගනිමින් සිටින බව ෆේස්බුක් ආයතනයේ නියෝජිතයෙකු ශ්‍රී ලංකා පරිවර්තන සමූහය සමඟ පවසා තිබෙනවා.

මේ සදහා වෙනම කණ්ඩායමක් පවා මේ වනවිට ස්ථාපිත කොට ඇති බවට ඔවුන් සඳහන්.

තවද මෙම කණ්ඩායම,

1 ෆේස්බුක් ප්‍රමිතීන් උල්ලංඝනය කරන ගිණුම් හා පෝස්ට් ඉවත් කිරීමට.

2 මානසික ආතතීන් වැඩි කිරීමට හැකියාව ඇති පෝස්ටු ප්‍රචාරය වීම අඩු කිරීම සහ මානසික ආතතීන් අඩු කිරීමට යොදාගත හැකි ෆේස්බුක් හා අන්තර්ජාල නිෂ්පාදන පිළිබද විශාල වශයෙන් ජනතාව දැනුවත් කිරීම.

3 ප්‍රචණ්ඩත්වයට තුඩුදිය හැකි අන්තර්ගතයන් පවතින post පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට හා වෛරී ප්‍රකාශන සහ අසත්‍ය තොරතුරු වලට එරෙහිව සටන් කිරීම.

තම අරමුණු ලෙස සඳහන් කරන අතර මෙම අරමුණු සඵල කරගැනීම සඳහා ෆේස්බුක් තම භාෂාමය ගැටළු විසදා ගැනීම සඳහා සිංහල පරිවර්තකයන්ගේ සහය ඉදිරියේදී නැවතත් ලබාගැනීමට සූදානම් බව ප්‍රකාශ කළා.

මෙසේ වෛරී ප්‍රකාශන හඳුනාගැනීමට ෆේස්බුක් ආයතනය AI තාක්ෂනය භාවිතා කිරීමට කටයුතු කරන බවත් Messenger සංවාද යෙදුමෙහි පණිවිඩය Forward කිරීමට ඇති හැකියාව සීමා කරන බවත්, පසුගිය මාස කිහිපයේ ලැබුණු වාර්තා වලින් 65.4% පමණ පෝස්ටු හා ගිණුම් ඉවත්කිරීමට කටයුතු කළ බවත් ඔවුන් පවසනවා.

තවද පාස්කු බෝම්බ ප්‍රහාර දිනයේ දෙලක්ෂ පනස්දහසකට අධික ජනකායක් තමන් ආරක්‍ෂිත යැයි සහ තම ආදරණීයන් සුරක්ෂිත යැයි තහවුරු කිරීමට ෆෙස්බුක්හි ආරක්‍ෂිත පරික්ෂාව භාවිතා කර ඇති බවත් ෆෙස්බුක්හි අර්බුද ප්‍රතිචාර මෙවලම් භාවිතයෙන් ශ්‍රී ලාංකිකයන් උපකාර ලබාදීමට ලබාගැනීමටත් කටයුතු කරඇති බව ෆේස්බුක් ආයතනයේ නියෝජිතයා ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වෙත පවසා තිබෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න