> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ඉන්දියාවෙන් වැඩමකරන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කොළඹදී
- URL: https://www.citizen.lk/exhibition-of-sacred-relics-from-india-in-colombo/
- Published: 2026-01-20T04:20:23.000Z
- Updated: 2026-01-20T04:20:46.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

January 20 (Citizen.lk News) -ඉන්දියාවෙන් වැඩමකරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනවාරි 21 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත වනවා.

රාජ්‍ය අනුග්‍රහය මත සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය සංවිධානය කිරීම සඳහා වන සූදානම සමාලෝචනය කිරීමට සහ විහාරස්ථාන පරිශ්‍රය පරීක්ෂා කිරීම කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සහභාගීත්වයෙන් සිදුව ඇති අතර මෙම ප්‍රදර්ශනය 2026 පෙබරවාරි 04 සිට පෙබරවාරි 11 දක්වා පැවැත්වීමට නියමිත බවත්,නිදහස් දිනයෙන් පසු ගංගාරාම විහාරස්ථානයේදී සර්වඥ ධාතු ප්‍රදර්ශනය ආරම්භ වන බවත් එය දින හතක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.