ඉරානයට යුරෝපා සංගමයෙන් අනතුරු ඇඟවීමක්.

0
15

2015 වසරේදී ලෝක බලවතුන් සමග ඇති කර ගත් ගිවිසුමේ සීමාවන් ඉරානය, උල්ලංඝනය කරමින් යුරේනියම් න්‍යෂ්ටික ඉන්ධන නිස්සාරණය කර ඇති බව අන්තර්ජාතික පරමාණු බලශක්ති අධිකාරිය තහවුරු කර තිබෙනවා. එමගින් ඉරානයට න්‍යෂ්ටික බලාගාර ඉන්ධන සපයා ගැනීමට හැකිවන අතර, න්‍යෂ්ටික බෝම්බ නිපදවීමට ද හැකියාවක් ලැබේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය වෙත පනවා ඇති දැඩි සම්බාධක වලට ප්‍රතිචාර ලෙස එම පියවර ගත් බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

කෙසේ නමුත්, එමගින් දැඩි ප්‍රතිවිපාක වලට මුහුණදීමට සිදුවනු ඇති බවට යුරෝපා සංගමය අනතුරු ඇඟවීමක් ද කර තිබෙනවා.