එංගලන්තයේ ශතක දෙක පාකිස්ථානය කුණු කූඩයට දමයි. (VIDEO)

0
101

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කරන්න පාකිස්ථානය ඊයේ සමත් වුණා. ඒ සත්කාර එංගලන්තයට එරෙහිවයි.

කාසියේ වාසිය දිනා ගත්ත එංගලන්තය මුලින්ම ලකුණු රැස් කරන්න පාකිස්ථානයට ආරාධනා කළා. පාකිස්ථානය කඩුලු 8 ක් දැවී දැවැන්ත ලකුණු 348 ක් ලබා ගත්තා. බාබර් අසාම් ලකුණු 63 යි. නායක සර්ෆරාස් අහමඩ් ලකුණු 55 යි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ මොහොමඩ් හෆීස් ලකුණු 84 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 8 ක් සහ 6 පහර 2 ක් ඇතුලත් වුණා. එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් වෝකර් සහ මොයින් අලී කඩුලු 3 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට කඩුලු 9 ක් දැවී ලකුණු 334 ක් පමණයි ලබා ගත හැකි වුණේ. එංගලන්ත ඉනිමේ ශතක දෙකක්ම වාර්තා වීම විශේෂත්වයක්.

මෙවර ලෝක කුසලානයේ පළමු ශතකය ලබා ගත ජෝයි රූට් ලකුණු 107 යි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ලර් ලකුණු 103 යි. ඒ 4 පහර 8 ක් සහ 6 පහර 2 ක් සමඟින්. වහබ් රියාස් කඩුලු 3 ක් දවා ගත්තා.

තරඟයේ වීරයා වහබ් රියාස්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here