එංගලන්තය ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට ඇද දමයි. (VIDEO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකාවට තිබූ බලාපොරොත්තුව ඊයේ බොඳව ගියා.

ඒ, ඉන්දියාව සහ එංගලන්තය අතර ඊයේ පැවති තරඟයෙන් ඉන්දියාව පරාජයට පත්වීම හේතුවෙන්.

ඉන්දියාව මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර, එංගලන්තය පසුවන්නේ හතරවන ස්ථානයේයි.

ලෝක කුසලාන තරඟාවලියට අදාළව ඉන්දියාව සමඟ පැවති තරඟය ලකුණු 31 කින් ජයගැනීමට එංගලන්තය ඊයේ සමත්වුණා.

ඒ, ඉන්දියාව මෙතෙක් මෙම තරඟාවලියේ පවත්වාගෙන යනු ලැබූ අපරාජිත වාර්තාවද බිඳ හෙළමින්.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 07 ක් දැවී ලකුණු 337 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දිය කණ්ඩායමට පන්දු වාර 50 අවසානයේදී කඩුලු 05 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 306 ක් පමණයි.

මේ අතර ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟය අද පැවැත්වෙනවා.

ඩර්හැම් හිදී පැවැත්වෙන මෙම තරඟයේ ප්‍රවේශපත් මිල පහළ වැටී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මෙම තරඟයේ අවම මිල ප්‍රවේශ පත්‍රයක් එංගලන්ත පවුම් 20ක් දක්වා පහත වැටී ඇති අතර එය මෙරට මුදලින් රුපියල් 4500ක් පමණ වනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න