ලෝක කුසලානය වැස්සට සේදෙන එක වළක්වන්න එංගලන්තයෙන් සුපිරි බැලුමක්. (PHOTOS)

0
116

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පැවති තරඟ තුනක්ම වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවුණා. මේ සමඟම ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගෙන් එංගලන්තයට විවිධ උපහාස එල්ලවීමට පටන් ගෙන තිබෙනවා.

එංගලන්තයේ දකුණු ප්‍රදේශයට මේ මස පුරාවට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ලවීමට නියමිත බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ හේතුවෙන් තවදුරටත් මෙලෙස ක්‍රිකට් තරඟ වලට බාධා ඇතිකරන වර්ෂාවන් නැවත්වීමට නව තාක්ෂණයක් උපයෝගී කරගන්න සූදානම් වෙනවා.

ඇමෙරිකානු සමාගමක් විසින් මෙම නවතම තාක්ෂණය සහිත නිෂ්පාදනය හඳුන්වා දීමට සූදානම් වෙමින් සිටින අතර එය 2020 සිට එංගලන්තය ඇතුළු ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් වලට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව සඳහන්.

මිලියන ගණනක වූ මුදල් මෙම අයහපත් කාලගුණය නිසා රටට අහිමි වන බවයි ක්‍රීඩා විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

නව තාක්ෂණය මේ වනවිට පවතින්නේ පළමු අදියරේ වන අතර ක්‍රීඩාංගනය ආවරණය කිරීමට flood lights නොහොත් ආලෝක ධාරා කුළුණු ආධාරයෙන් tent නොහොත් විශාල ප්‍රමාණයේ කූඩාරමක් ඉදිකිරීමට කටයුතු කරන බව වාර්තා වෙනවා.

මෙය Spidercam නොහොත් කේබල් ආධාරයෙන් වීඩියෝ කරන තාක්ෂණය හා සමාන බවයි අදාල සමාගම පවසන්නේ. මෙලෙස ඉදිකරන ආවරණය කූඩාරමක් සේ පවත්වා ගැනීමට උණුසුම් වායු බැලුනයක් එහි මධ්‍යයේ රැඳවීමට බලාපොරොත්තු වන බවත් එම සමාගම සඳහන් කළා. එමගින් වැසි ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබාගැනීමට මෙමගින් හැකියාව ලැබේවි.